මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෝන් ද සිල්වා සමරු රඟහලේ නවීකරණ කටයුතු කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

    පෙබරවාරි 26, 2018

    වේදිකා නාට්‍ය ඇතුළුව ප‍්‍රාසාංගික කලා නිර්මාණ, සාධාරණ මිල ගණන් යටතේ වේදිකාගත කිරීම සඳහා ශාලා පහසුකම් ලබාගත හැකිව තිබූ කොළඹ අගනගරයේ පිහිටි ජෝන් ද සිල්වා සමරු රඟහල කලාකරුවන්ගේ සහ පේ‍්‍රක්ෂක ජනතාවගේ අවශ්‍යතා අනුව අනාගතය සඳහා සුදුසු අන්දමින්, කඩිනමින් නවීකරණය කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    මෙම රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට සූදානමක් පවතින බවට පසුගියදා විවිධ මාධ්‍ය වාර්තා පළ කෙරිණි. ඒ පිළිබඳ කලාකරුවන් අතරින් ද විවිධ සංවාද ගොඩනැගුණු අතර මෙය ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක්විය.

    ජොන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කිසිඳු සූදානමක් නොමැති බවත් මෙය කඩිනමින් නවීකරණ කර කලාකරුවන්ට ලබාදෙන බවත් සඳහන් කරන ජනාධිපතිතුමා ඒ පිළිබඳ කලාකරුවන් දැනුවත් කරන ලෙස ද ජනාධිපති සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි බණ්ඩාරනායක මහතා වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya