අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 67 වැනි සංවත්සරය

    පෙබරවාරි 25, 2018
    ශ‍්‍රී ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් වු සිය 67 වන සංවත්සරය මාර්තු 02දාට යෙදී ඇත.
     
    ශ්‍රී ලංකාව තුළ ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු විය. ඉන් අනතුරුව 1972 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වන ලදී. ලක්මව සුරකින්නට .. සුරකිමු ලකඹර.. උදෘත පාඨය කර ගනිමින් පුරා වසර 67 ක් තම මෙහෙවර මවි බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි විය.
     
    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වර්ථමානය වන විට භෞතික සම්පත්වලින් මෙන්ම මානව සම්පත් වලින් ද පරිපූර්ණ වී සිටින අතර Chipmunk ගුවන් යානයෙන් ඇරඹි ගුවන් ගමන අද වන විට MIG-27, Kfir, F-7 ආදී ජෙට් යානා දක්වා දිර්ඝ ගමනක් පැමිණ අභිමානවත් සිය 67 වන සංවත්සරය සැමරිමට සුදානමිව සිටී. 
     
    67 වසරක අභිමානවත් හමුදාවක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලක් අඹර සුරකිමින් තම කාර්යයන් නිසි ලෙස ඉටුකරනවා සේම තම මාතෘ භූමියට සිදු වූ ස්වභාවික විපත්වලදී ද ජනතාවගේ සුභසාධන කටයුතු ඉටුකිරිම සඳහා ද සුවිශේෂී දායකත්වයක් දක්වන ලදි. 
     
    සිය 67වන සංවත්සරයට සමඟාමීව විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya