අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන ගමනාගමනය සීමා කිරීමක්

    පෙබරවාරි 18, 2018

    කේ සිරිල් සී පෙරේරා මාවත 06 පටුමග හංදියේ සිට සුගතදාස ක්‍රීඩාංගනයේ මැටිපාර්ක් හන්දිය දක්වා මාර්ග කොටසේ ජලනල එලීම හේතුවෙන් අද (18) දිනයේද වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.

    මෙම මාර්ගයේ මීටර් 100ක් පමණ කොටසේ පසුගිය 16 වැනි දා සිට හෙට (19) උදෑසන 5.00 දක්වා කාලය තුළ වාහන ගමනාගමනය සීමා කෙරේ.

    ඒ අනුව ඇති වන වාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටි.

    විකල්ප මාර්ග

    ඒ අනුව මෙම කාලය තුළ කොටහේන දෙස සිට කේ. සිරිල් සී පෙරේරා මාවත ඔස්සේ බ්ලුමැන්ඩල් දෙසට ගමන් කිරීම් සඳහා පැමිණෙන වාහන කොටහේන වටරවුමෙන් වමට හරවා කොටහේන විදියෙන් වාසල පාර ඔස්සේ කේ සිරිල් සී පෙරේරා මාවතට පිවිසිය හැක.

    බ්ලුමැන්ඩල් දෙස සිට පැමිණෙන වාහන බ්ලුමැන්ඩල් පටුමගින් දකුණට හරවා පරමානන්ද මාවත පන්සල හන්දියෙන් වමට හරවා සෙන් බෙනඩික් මාවත ඔස්සේ කොටහේන දෙසට පිවිසිය හැක.

    කේ සිරිල් සී පෙරේරා මාවත ඔස්සේ සිරිමාවෝ බණ්ඩාරානයක මාවතට ගමන් කිරීම සඳහා පැමිණෙන වාහන සුගතදාස ක්‍රීඩාංගනය අසල ඇති මැටිපාර්ක් පාර ඔස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක මාවතට පිවිසිය හැක.

    සිරිමාවෝ බණ්ඩාරනායක මාවත දෙස සිට කේ සිරිල් සී පෙරේරා මාවත දෙසට ගමන් කිරීමට සඳහා පැමිණෙන වාහන වාමන ආමර් බාබර් හංදියෙන් දකුණට හරවා කොටහේන දෙසට ගමන් කර කොටහේන වටරවුමෙන් දකුණට හරවා කොටහේන විදියෙන් වාසල පාර ඔස්සේ කේ සිරිල් සී පෙරේරා මාවතට පිවිසිය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya