මැයි 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රය නිකුත් කිරීම අද

    පෙබරවාරි 14, 2018
     
    පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රය අද (14) නිකුත් කිරීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.
     
    ඒ අනුව අද නිකුත් කෙරෙන මෙම ගැසට් පත්‍රයට අදාළව පළාත් පාලන ආයතනවල පළමු රැස්වීම ලබන මාර්තු 15දා පැවැත්වෙනු ඇත.
     
    පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රයට අනුව මීට ඉහතදී හෙට (15) පළාත් පාලන ආයතනවල මංගල රැස්වීම සිදුකිරීමට නියමිතව තිබුණද මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කිරීමට නියමිත ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ඉල්ලා ඇති බැවින් පළමු රැස්වීම මාර්තු 15දාට යෙදීමට කටයුතු කළ බවත් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya