මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරිමට සුව ඇමැතිගෙන් උපදෙස්

    පෙබරවාරි 14, 2018

    හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරිම සදහා පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් එකගත්වය පළ කර ඇති බැවින් එය වහාම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

    ඒ හෙඳ සේවාව මුහුණ දී ඇති ගැටලු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් ඊයේ (13) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දීය.

    මෙම ගැටලු පිළිබදව නිලධාරීන් සමග සාකච්ඡා කර විසදුම් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනුම් දුන්නේය. මෙහිදී අනතුරු දීමනා ලබාදීම, අනතුරු දීමනා ගෙවිම විධිමත් කිරීම, දෙවන ශ්‍රේණියේ උසස්වීම් වසර 05 න් ලබාදීම ඇතුලු කරුණු 17 ක් සාකච්ඡා කරන ලදි. එම කරුණු වලට සෞඛ්‍ය අමාත්‍යවරයා සාර්ථක විසදුම් ලබාදුන්නේය.

    රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ ඉල්ලීමක් මත පැවැති මෙම සාකච්ඡාවට එහි සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු අධ්‍යක්ෂවරු නිලධාරින් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya