මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාවහන් හා සම්භාණ්ඩවලට 2020 දී හොඳ අපනයන වෙළඳපොළක්

    පෙබරවාරි 07, 2018

    ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩවලට 2020 දී ඉතා හොඳ අපනයන වෙළෙද පොළක් ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    2020 වන විට ලෝකයේ සපත්තු හා සම්භාණ්ඩ වෙළෙද පොළ ඩොලර් බිලියන 600 ක් හෙවත්, රුපියල් බිලියන 90,000 ක් ඉක්මවා ගොස් ගෝලීය වෙළෙද පොළ පුළුල්වීම නිසා අපේ පාවහන් හා සම්භාණ්ඩ වලට 2020 දී ඉතා හොඳ අපනයන වෙළෙද පොළක් ලැබෙනවා. ඒ නිසා අපේ ව්‍යවසායකයින් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදන ප්‍රදර්ශනය“ නිමිත්තෙන් ශුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya