නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් දින පණිවුඩය - දිනූ නිදහස අර්ථවත් කරගැනීමට එක්සත්ව කටයුතු කරමු Featured

    පෙබරවාරි 04, 2018

    දිනූ නිදහස අර්ථවත් කරගැනීමට නම් වාර්ගික, ආගමික, පක්ෂ පාට සියලූ භේදයන් ඉක්මවා``එකම දැයක්”තුළ අභිමානවත්ව, සාමකාමීව, එක්සත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීම බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    යටත් විජිත පාලනයෙන් නිදහස ලබා 70 වසරක් සපිරීම අද අපි මහත් අභිමානයෙන් යුතුව උත්කර්ෂවත්ව සමරන්නෙමු. 1948 වසරේ ඒ නිදහස දිනාගැන්මට අපට හැකි වන්නේ සියලූ භේද අමතක කොට එකම ශ්‍රී ලාංකේය ජනතාවක් ලෙස ජාතික සමගියෙන් කටයුතු කිරීම නිසා බව අප කිසිසේත් අමතක කළ යුතු නැත.

    දිනූ නිදහස අර්ථවත් කරගැනීමට නම් වාර්ගික, ආගමික, පක්ෂ පාට සියලූ භේදයන් ඉක්මවා``එකම දැයක්”තුළ අභිමානවත්ව, සාමකාමීව, එක්සත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීමකි. නිදහස වඩාත් පරිපූර්ණ වන්නේ සමාජ, දේශපාලන, ආර්ථික නිදහස මෙන්ම මානව ගරුත්වය, අධ්‍යාත්මික නිදහසද උදා වීමෙනි. අප රජය පත්වීමත් සමඟ ඒ සඳහා අවැසි සමාජ, දේශපාලන, ආර්ථික පසුබිම ගොඩනැගීමට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කටයුතු කළ අතර, වඩාත් ස්ථාවර නිදහස් සමාජයක් ගොඩනැංවීමට තවදුරටත් කටයුතු කරමින් සිටියි.

     

    ``එකම දැයක්” තේමාව තුළ 70 වෙනි නිදහස් සමරුව මහත් උත්කර්ෂයෙන් සමරන මේ මොහොතේ දිනූ නිදහස වඩාත් තිරසර, අර්ථසම්පන්න නිදහසක් බවට පත් කරගැනීම සඳහා සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව එක්ව කටයුතු කරනු දැකීම මාගේ අපේක්ෂාවයි. දේශයේ දියුණුව උදෙසා සැබෑ පුරවැසියන් සේ කැපවීමට මෙම නිදහස් දිනයේ දී විශේෂයෙන් අදිටන් කරගනිමු.

     

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya