නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැරදිකරුවන් හෝ දූෂකයන් ආරක්ෂා කරන්නේ නෑ

    ජනවාරි 27, 2018

    වැරදි කරුවන් හෝ දූෂකයන් ආරක්ෂා නොකරන බවත් අද ඇතිකර තිබෙන පලන ක්‍රමය මුහුණ බලන කණ්නාඩියක් වගේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කොට්ටේ ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවකට සහභාගී බෙමින් මේ බව පැවසීය.

    එහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;

    අප ඇතිකර තිබෙන පාලන ක්‍රමය මුහුණ බලන කණ්නාඩියක් වගේ.සෑම දෙයක්ම පේනවා.සෑම දෙයම විවෘත්තයි. මීට පෙර මෙහෙම කණ්නඩියක් තිබුණේ නෑ.අද තියෙන්නේ ජනතාව වෙනුවෙන් තිබෙන  කණ්නාඩියක්.මේ කණ්නඩියෙන් පෙනෙන්නේ ජනතාව ඉල්ලු නිදහසයි.ජනතාව ඉල්ලු අයිතිය නීතියේ  ආධිපත්‍ය,අධිකරණයේ ස්වාධීනත්වය,ජනතාව ඉල්ලූ ප්‍රකාශනයේ නිදහස.මැතිවරණ ස්වාධීනව තියන්න මැතිවරණ කොමිෂමක් තිබෙනවා. ස්වාධීනව මැතිවරණය කරන්නේ.කිසි  විටෙක ඇතිකළ නිදහස නැති කරන්නේ නෑ.අපි දූෂකයන් ආරක්ෂා කරන්නේ නෑ. වැරදි කරුවන් ආරක්ෂා  කරන්නේ නෑ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya