මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර ද්විපාර්ශ්වික සබදතා ක්ෂේත‍්‍ර ගණනාවකින් ඉදිරියට - දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුම්

    ජනවාරි 23, 2018

    සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර ආර්ථික වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන් මහතා පවසයි.

    නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා අද (23)පෙරවරුවේ ජනාධිපති  කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

    ජනාධිපති කාර්යාලය වෙත පැමිණි සිංගප්පුරු අග‍්‍රාමාත්‍යවරයා සහ එම මැතිණිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ආචාර වෙඩිමුර
    සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය. නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.


    එමෙන්ම දෙරට අතර වෙළෙඳ කටයුතු සීග‍්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද නායක දෙපළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික්
    සමරවික‍්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්.ඊෂ්වරන් මහතා ඊට අත්සන් තැබූහ.


    මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ, දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මගින් වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත‍්‍ර තුළ දෙරටටම ප‍්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රැසක් ඉදිරියේදී නිර්මාණය  වනු ඇති බවයි. වෘත්තීය පුහුණුව, නව රැුකියා අවස්ථා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍ර සදහා සිංගප්පූරුවෙන් ශී‍්‍ර  ලංකාවට ලබාදෙන සහය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ද මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේ  ය.


    එමෙන්ම ශී‍්‍ර ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට අදාළ ආයෝජන අවස්ථා විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර ඒ සදහා සිංගප්පුරුවේ ආයෝජකයින් තවදුරටත් දිරිමත් කරන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳව ව්‍යාපාරික හමුවලදී විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව සදහන් කළේ ය.

    මූලෝපායික වශයෙන් සමානකම් රැුසක් ඇති රටවල් දෙකක් ලෙස එම සබදතා තවදුරටත් ශක්තිමත් කර  ගැනීමට බොහෝ සෙයින් ඉඩ ප‍්‍රස්ථාව පවතින බව ද සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය, සංචාරක, අන්තර්ජාල පාදක වාණිජ කටයුතු, බලශක්ති සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍රවලට  ප‍්‍රමුඛතාවය ලබාදෙමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයෝ දීර්ග  වශයෙන් සාකච්ඡා කළහ.


    සංචාරක ක්ෂේත‍්‍රය තුළ ශී‍්‍ර ලංකාවේ නිර්මාණය වී ඇති නව අවස්ථා පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා අග‍්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ද යහපත් ප‍්‍රතිචාරයක් හිමිවිය. ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් සංවර්ධන සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට සිංගප්පූරු රජයෙන් ලැබෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා එම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය.

    ලංකාවේ රාජ්‍ය සේවකයින් පුහුණුව සදහා සිංගප්පුරුවෙන් ලැබෙන සහය අගය කළ ජනාධිපතිතුමා රාජ්‍ය  සේවයකින් පුහුණ කරන ශී‍්‍ර ලංකාවේ ඇති ආයතනවල දියුණුුව සදහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටි  අතර ඒ පිළිබඳව සිංගප්පුරු අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය. වෘත්තීය පුහුණ ක්ෂේත‍්‍රය තුළ නව අවස්ථා උත්පාදනයට සහ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශේෂයෙන් මානව සම්පත් ප‍්‍රවර්ධනය සඳහා සහයවන ලෙස ද ජනාධිපතිතුමා කළ ඉල්ලීම කෙරෙහි  අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරිණි.

    එමෙන්ම දැනට ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් සිංගප්පුරුවේ විවිධ ක්ෂේත‍්‍රවල සේවයේ නිරතවන අතර ඔවුන් ඉතා සතුටින් එහි සේවය කරන බව පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ට තවදුරටත් සිංගප්පූරුවේ රැුකියා අවස්ථා විවරකරදීම පිළිබඳව ද සොයාබලන ලෙස ද අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. දූපත් රාජ්‍යය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා සාමුහික උත්සහයක් දැරීමේ අවශ්‍යතාවයද මෙහිදී  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජාත්‍යන්තර වේදිකාවේදී සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව ඉතා සමීපව කටයුතු කරන අතර ආසියාන් සංවිධානය සමග ඉතා හොද සබඳතාවයක් පවත්වන බව මෙහිදී සදහන් කළ ජනාධිපතිතුමා ආසියාන් සංවිධානය සමග  තවදුරටත් සමීපව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව අපේක්ෂා කරන බැවින් එහි පාර්ශ්වික සංවාද පාර්ශ්වකරුවෙක් වශයෙන් බැඳීමට ශී‍්‍ර ලංකාව කර ඇති ඉල්ලීමට සහය ලබාදෙන ලෙස ද සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේ ය.2015 වසරේ තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව යහපාලන අරමුණු ජය ගැනීම සහ සංහිදියාව  වෙනුවෙන් වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කර තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා එහිදී රටේ ආර්ථික වර්ධනයට ප‍්‍රමුඛ  ස්ථානයක් ලබාදී ඇති බව ද කියා සිටියේය.

    රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට ගෙනයන වැඩපි*කඑතිවෙ*කඑත පිළිබඳව ද අදහස් දැක්වූ  ජනාධිපතිතුමා 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධූරයේ බලතල පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ  අන්දම ද සිහිපත් කළේ ය. ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවීම පිළිබඳව ද මෙහිදී සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළ, ජනාධිපතිතුමා දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට සහ එම සබඳතා ක්ෂේත‍්‍ර රැුසක් ඔස්සේ ව්‍යාප්ත කර  ගැනීමට මෙම සංචාරය ඉවහල්වනු ඇති බව ද කියා සිටියේය.


    එමෙන්ම සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී සියෑන් ලූන් මහතාගේ පියාණන් වන හිටපු අග‍්‍රාමාත්‍ය ලී ක්වාන් යු මහතා ශී‍්‍ර ලංකාව සමග පැවැත්වූ සමීප සබදතාවය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කිහිප අවස්ථාවකදීම එතුමා ශී‍්‍ර ලංකාවේ සංචාරය කළ අයුරු ද සිහිපත් කළේ ය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග තිලක් මාරපන, තලතා අතුකෝරල,  සාගල රත්නායක, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, මලික් සමරවික‍්‍රම, රංජිත්ම ද්දුමබණ්ඩාර,දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සිංගප්පුරු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය Vivian Balajrishnan, වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය S.Iswaran යන මහත්වරුන් සහ ශී‍්‍ර ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් S. Chandra Das මහතා සහ පාර්ලිමේන්තු සාමාජිකයින් වන Liang Eng Hwa, Saktiandi Bin Supaat යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    sin2

     

     

     

    sing

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya