අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනකලා සෞන්දර්ය පාඨමාලාවේ ශිෂ්‍යාධාර වැඩි කිරීමට පියවර

    ජනවාරි 10, 2018

    සාර්ථකත්වයට පත්විය හැක්කේ, දේශියත්වය, ඉතිහාසය සහ සංස්කෘතිය සුරකිමින්, නව සංකල්ප ඔස්සේ වැඩකිරීම තුළ පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ දී පැවති, 2018 වර්ෂය සඳහා ජනකලා පාඨමාලා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (09) මේ  බව සඳහන් කළේය.

    ජනකලා සෞන්දර්ය පාඨමාලා හදාරන සියලුම සිසුන් සඳහා දැනට පිරිනැමෙන රුපියල් 2000 ක ශිෂ්‍යාධාරය රුපියල් 4000 ක් බවට පත්
    කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ද තම අවධානය යොමු කරන බවත් රජය මඟින් සිසුන්ට ලබාදිය හැකි උපරීම සහය ලබාදෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජනකලා කේන්ද්‍රය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම පාඨමාලාවන් සඳහා සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ මඟින් අභ්‍යාසලාභීන්
    බඳවා ගැනීම සිදු වේ.  නර්තන අංශයෙන් අභ්‍යාසලාභීන් 50 ක්, සංගීත අංශයෙන් අභ්‍යාසලාභීන් 32 ක් සහ චිත්‍ර හා මූර්ති අංශයෙන් අභ්‍යාසලාබීන් 35 ක් ලෙස අභ්‍යාසලාබීන් 117 දෙනෙකු මෙම වසරේ ජනකලා සෞන්දර්ය පාඨමාලා සඳහා සුදුසුකම් සිටිති.

    දේශීය සංස්කෘතිය හා සංස්කෘතිකාංග පිළිබඳවත්, අතීත උරුමයන් පිළිබඳවත් මනා දැනුමකින් සහ ශිල්ප ඥානයෙන් යුක්ත වූ නිර්මාණශීලී වෘත්තිය ශිල්පියෙකු බිහිකිරීම මෙම පාඨමාලාවන්ගේ අරමුණයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya