මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගහකන්ද ජලාශයේ දියවර මංගල්‍යය 08දා Featured

    ජනවාරි 05, 2018
    මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර මුදාහැරීම 08දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
     
    මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් වැය කොට ඇත. ඉහළ ඇළහැර ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක්, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් වැය කොට ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු 2007 වසරේ ජනවාරි 25දා ආරම්භ කොට ඇති අතර ජලය ගබඩා කිරීමේ කටයුතු 2017.01.11වන දින ආරම්භ විය. 
     
    මෙගා වොට් 25ක විදුලි බලයන් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරෙන මෙම ව්‍යාපෘතිය හා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3000ක් ඉක්මවූ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් ජාතික ආර්ථිකයට එක්කෙරෙනු ඇත. 
     
    මෙහි පළමු අදියර යටතේ දී අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල හා මාතලේ දිස්ත්‍රික්කයන්හි හෙක්ටයාර් 82,000ක පමණ භූමි ප්‍රමාණයක් සඳහ වසරේ දෙකන්නයේ ම සාර්ථකව වගාකළ හැකි පරිදි වාරි ජලය සැපයීම මෙන් ම පානීය හා කර්මාන්ත සඳහා ජලය සැපයීමත් සිදු කෙරේ. නව කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක් ලෙස හෙක්ටයාර් 12,000ක් පමණ කළුගඟ පහළ නිම්න ප්‍රදේශය හා මැදිරිගිරිය බිසෝපුර ප්‍රදේශය සංවර්ධනය කෙරෙමින් පවතින් අතර වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර් 12,500කට පමණ දියවර සැපයේ.
     
    එමෙන් ම මේ හරහා මෙම ප්‍රදේශයන් හි පවතින ලොකු කුඩා වැව් 2000කට ආසන්න සංඛ්‍යාවක් පෝෂණය වනු ඇත.
     
    මෙම ප්‍රදේශයට ලැබෙන ඝන මීටර් මිලියන 818ක වර්ෂාපතනය මුහුදට ගලා යාම වළක්වා මෙම ජලාශයේ රඳවාගැනීම මගින් මනම්පිටිය, සෝමාවතිය ආදී ප්‍රදේශයට වාර්ෂිකව ඇතිවන ගංවතුර හානි අවම කරලීම ද මේ හරහා ජනතාවට ලැබෙන තවත් එක් ප්‍රතිලාභයකි.
     
    මෙම අවස්ථාවට මැති ඇමැතිවරු ඇතුළු අති විශාල පිරිසක් එක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya