අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනිවිදභාවයේ වගකීම රාජ්‍ය නිලධාරින්ට පැවරී තිබෙනවා- ජනාධිපති ලේකම්

    ජනවාරි 02, 2018

    රාජ්‍ය නිලධාරින් ජනතාවට සිය සේවාව සැපයීමේදී නීති රීතිවලට අනුගතව විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් රජයේ නව සංවර්ධන ක‍්‍රියාදාමයන්ගේ පාරිශුද්ධ බව ඉස්මතු වන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    සැලසුම් සහගතව සහ සුහදතාවයෙන් යුතුව මහජන සේවය සඳහා සියලු රාජ්‍ය සේවකයින් වගකීමෙන්  බැඳී සිටින බව ද මෙහිදී ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

    උදාවූ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති කාර්යාලයීය කාර්යය මණ්ඩලය අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

    රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වාදුන් ජනාධිපති ලේකම්වරයා නව ආකල්ප තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට එක්වන ලෙස ද නව වසර උදාවත් සමඟ සියලු රාජ්‍ය සේවයකයන්ගෙන් ඉල්ලා සිටියේය.

    නව වසරේ රාජකාරී ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව සියලු කාර්යය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව ලබා දෙන ලදී.

    ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සියලු කාර්යය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya