අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය හෙල්බොඩගම සුගතධීරාභිධාන නායක හිමියන් වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන් Featured

    දෙසැම්බර් 29, 2017
    විමලකීර්ති ශී‍්‍ර ධම්මරතන ගෞරව නාමය සහිතව උඩ පළාත උප ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම්ලත් වාරියගල ශී‍්‍ර තිස්සාරාම විහාරාධිපති, දොළුව ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ උප සභාපති, සමස්ථ ලංකා සාමවිනිසුරු අතිගෞරවාර්හ හෙල්බොඩගම සුගතධීරාභිධාන නායක හිමිපාණන් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පස්වරුවේ මහනුවර, ගලහ, වාරියගල ශී‍්‍ර තිස්සාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
     
     
    ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
     
    අනතුරුව උත්සව සභාව වෙත එක් විය. හිටපු අග‍්‍රාමාත්‍ය දී.මූ ජයරත්න මහතා විසින් අභිනව උප ප‍්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වූ අතර, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් විජිණිපත පිළිගැන්වීය.
     
    ජනාධිපතිවරයා විසින් අභිනව උප ප‍්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත අටපිරිකර පූජා කළේය.
     
    හෙල්බොඩගම සුගතධීරාභිධාන නායක හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.
     
    චතුර කථිකත්වයක් හා කාලීන ධර්ම දේශනාවන්වල දක්ෂතාවයක් ඇති උන්වහන්සේ විචිත‍්‍ර ධර්මදේශකයාණන් වහන්සේ නමක් වන අතර උන්වහන්සේගේ ශාසනික සහ සමාජයීය සේවාවන් ඇගයීමට ලක් කරමින් ශ්‍යාමෝපාලී මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිගරු මහනායක හිමිපාණන් වහන්සේ ප‍්‍රධාන සානුනායක විංශද්වර්ගික කාරක සංඝ සභාව මගින් මෙම ධූරය පිරිනමා තිබේ.
     
    පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරි ගෙඩිගේ විහාරාධිපති, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමින් වහන්සේ, හිඳගල රජමහා විහාරාධිපති වෛද්‍යාචාර්ය පූජ්‍ය ඇඹිල්මීගම පඤ්ඥාකිත්ති ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පුණ්‍යත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya