අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක් දිනකදී මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 4ක් විවෘත වෙයි Featured

    ජූලි 11, 2014
    පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 3ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා සිදු කෙරිණි.
     
    හලාවත මහවැලි ශ්‍රී ධර්මාරාම මහා විද්‍යාල, හලාවත සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, හලාවත මැදගම අභය මහා විද්‍යාලය හා කුලියාපිටියේ දුම්මලසූරිය ජේ.ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලවල අංග සම්පූර්ණ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර මෙසේ විවෘත කෙරිණි. මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ 150කට වැඩි මුදලක් වැය කර ඇත. පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපන සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක් හා විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් මේවා සමන්විතය. 
     
    උසස් පෙළ තාක්ෂණවේදී විෂය ධාරාව ආරම්භ කර තිබෙන පාසල් 250හි ද මහින්දෝදය තාක්ෂණ පීඨ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ හලාවත සේනානායක මධ්‍ය මහා විද්‍යාලය හා කුලියාපිටිය දුම්මලසූරිය ජේ.ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණ පීඨ සඳහා මුල්ගල් තැබීම ද මෙදින ම අමාත්‍යතුමා අතින් සිදු විය. තෙමහල් ගොනැගිල්ලකින් සමන්විත එක් පීඨයක් සඳහා රුපියල් කෝටි 8ක් වැය වේ. මෙහි පළමු මහලේ ඉංජිනේරු තාක්ෂණවේදී විෂයෙහි ප්‍රායෝගික ක්‍රියාකාරකම්, දෙවන මහල ජෛව පද්ධති තාක්ෂණවේදී විෂයෙහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා තෙවන මහල තාක්ෂණවේදී විෂය ධාරාව හදාරන සිසුන්ගේ පන්ති කාමරවලින් සමන්විත වේ.
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya