අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල ඇඳුම් වවුචර් දරුවන්ට නොදුන්නොත් දැඩි විනය පියවර

    දෙසැම්බර් 17, 2017

    පාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකොට ඒ වෙනුවට රෙදි ලබාදීම හෝ වෙනත් මැදිහත් වීම් සිදුකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

    ඒ, මේ සම්බන්ධයෙන් පළ කර තිබූ මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

    කලාප කිහිපයක වවුචර වෙනුවට රෙදි නිකුත් කරන බවට වූ වාර්තා සහ නිල ඇඳුම් වවුචරය වෙළඳ මහතුන් සඳහා වෙන්කොට ඇති තීරුව තුළ පාසල් සංවර්ධන සමිතියක නිල මුද්‍රාවක් යෙදීම සම්බන්ධ වූ වාර්තා මීට පදනම් වී තිබේ.

     විදුහල්පතිවරුන් විසින් නිල ඇඳුම් වවුචරය හරහා දරුවන්ට නිදහසේ තමා කැමති වෙළඳ සැලකින් මිල දී ගැනීම් සඳහා අවස්ථාව සලසා දිය යුතුයි. ව්‍යාපාරික ආයතන ප්‍රවර්ධනය කිරීම, මිල දී ගැනීම සඳහා දරුවන් පෙළඹවීම වැනි කටයුතු සිදුකිරීම සඳහා විදුහල්පතිවරුන්ට කිසිදු බලයක් නොමැති අතර එවැනි කටයුතු වල නිරත වන විදුහල්පතිවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya