මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු රළ විදුලි උත්පාදනය වෙනුවෙන් පින්ලන්ත රජයේ සහාය Featured

    දෙසැම්බර් 13, 2017
    දකුණු ආසියාවේ පැය 24 පුරාම අඛණ්ඩව විදුලිය සපයනු ලබන, 100% ක් විදුලියනයවූ  එකම රට වශයෙන් හැඳින්වෙන ශ‍්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තීන් වර්ධනය කිරීම සඳහා සිය රටේ සහාය ලබාදීම සම්බන්ධයෙන් පින්ලන්ත මුදල් නියෝජ්‍ය අමාත්‍ය Jyrki Katainen මහතා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා කළේය.
     
    මුහුදු රළ මගින් විදුලිය නිපදවීම පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වූ අතර මේ සඳහා පින්ලන්ත රජයේ තාක්ෂණික ඥාණය මෙන්ම සහන ණය ලබාදීමටත් කටයුතු කරන බව එරට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා ඇතුළු පින්ලන්ත නියෝජිත පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya