22 වන වරටත් සංවිධානය කර තිබූ මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා, වසරේ විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාව, වසරේ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා හා වසරේ විශිෂ්ටතම හැකියාවන් සහිත ව්‍යවසායකයා වෙනුවෙන් සම්මාන පිරිනැමිණි.
මෙහි ප්‍රධාන සම්මානය වන ප්ලැටිනම් සම්මානය ජැටි හෝල්ඩින්ග්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේය.
දෙවන සම්මානය ඩීඑස්අයි සමූහ ව්‍යාපාරය වෙනුවෙන් පිරිනැමුණු අතර එහි කළමනාකාර අධ්යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා අතින් සම්මානය ලබා ගත්තේය.
අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුර්දීන්, දයා ගමගේ, මලික් සමරවික්‍රම යන මහත්වරුන් ද ව්‍යාපාරික ප්‍රජාව ඇතුථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )