අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටකතා හෝ බොරු ප්‍රචාර සිදුකරන්නන් සෙවීමට පොලිස් පරීක්ෂණ

    නොවැම්බර් 22, 2017
    රටේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවීමට තුඩුදෙන අන්දමින් මහජනයා නොමග යැවීම සඳහා කටකතා, බොරු ප්‍රචාර පතුරුවන අය පිළිබඳ ව රහස් පොලිීසිය දැනටමත් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
     
    පසුගිය දිනවල තෙල් හිඟයක් ඇතිබවට කෙටි පණිවුඩ හා සමහර සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරුණු බොරු ප්‍රචාර නිසා ඉන්ධන පිරවුම්හල් අසල දින ගනනාවක් පෝලිම් පැවතිණි. එමෙන් ම සුනාමියක් එන බවට පැතිර ගිය කටකතාවක් නිසා බියට පත් මුලතිව් ප්‍රදේශයේ ජනයා ඊයේ (21) නිවෙස්වලින් පිටත් ව ගොස් තිබූ අතර නගරය ද පාළුවට ගොස් තිබුණි. 
     
    ගිංතොට ප්‍රදේශයේ පසුගිය සතියේ කලබලකාරී තත්ත්වයක් උත්ගතවූ සේ මෙවැනි කටකතා හා බොරු ප්‍රචාර නිසා බවද ගුණසේකර මහතා තවදුරටත් කීය. 
     
    වසර ගණනාවකට පෙර සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය අයගේ මළ සිරුරු සහිත ඡායාරූප ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මගින් පළ කොට තිබුණේ ගිංතොට ප්‍රදේශයේ සිදුවූ ඝාතනවලින් මියගිය අයගේ සිරුරු ලෙස දක්වමිනි.
     
    මේ නිසා ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළැක්වීම සඳහා 2017 අංක 50 දරණ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ දැඩි පියවර ගන්නා බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන්ට ඇපලබා නොදෙන බවද කීය.
     
    දැනටමත් ගිංතොට සිද්ධිය පිළිබඳ ව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් 22දෙනෙකු මෙම පනත යටතේ උසාවියට නොවැම්බර් 30දා උසාවියට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගත තිබෙන බවද රුවන් ගුණසේකර මහතා තවදුරටත් පැවසීය.
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya