මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350 ක්

    නොවැම්බර් 23, 2017

    මෙගා වොට් 100 ක ධාරිතාවයෙන් යුත් සුළං බලාගාරයක් මන්නාරම දූපතේ ඉදිකිරීම සඳහා සහ මහා මාර්ග කිලෝ මීටර 340 ක් ඇතුළුව ග්‍රාමීය මංමාවත් කිලෝමීටර 3400 ක් සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් 350 ක ආධාරයක් සඳහා ඊයේ (22) ගිවිසුම් දෙකකට එළඹෙන ලදී.

    මෙම ගිවිසුම යටතේ සංවර්ධනය කරනු ලබන මාර්ග සියල්ල, ඕනෑම කාලගුණික තත්ත්වයන්ට සරිලන පරිදි සංවර්ධනය කිරීම හා නඩත්තු කිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි.

     

    මෙම ව්‍යාපෘති දෙක සඳහා වන ගිවිසුම් දෙකකට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති වෙන්චයි ෂැන්ග් (Mr. Wencai Zhang) මහත්වරු ඉදිරියේදී ඊයේ (22) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

     

    දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන

     

    රජයේ වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති රාමුවට අනුව ග්‍රාමීය ආර්ථික සංවර්ධනය රටෙහි තිරසාර සංවර්ධනය ලඟාකර ගැනීමේදී ප්‍රමුඛ ස්ථානයක් උසුලයි. ඒ අනුව ග්‍රාමීය පෙදෙස්වල වෙසෙන ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීම සදහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජය විසින් වැඩි ආයෝජනයක් සිදුකරනු ලබයි. ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කි මි 3400 ක් පමණ සියළු කාලගුණ තත්වයන්ට සරිලන පරිදි පිලිසකර කිරීම සහ නඩත්තු කිරීම සහ ග්‍රාමීය ප්‍රජාව සහ සමාජ ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධ කෙරෙන ජාතික මාර්ග කි මි 340ක් පමණ ඉතා හොද තත්වයෙන් පිළිසර කිරීම සහ නඩත්තු කිරීම ද දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ සිදුකෙරේ. මීට අමතරව මාර්ග සංවර්ධනය සහ සම්බන්ධ ආයතනයන්හි සුරක්ෂාව, මාර්ග ආරක්ෂාව, නඩත්තුව,පර්යේෂණ සහ මාර්ග සැලසුම් හා ඉදිකිරීම් යන අංශයන්හි ධාරිතාව වැඩිකිරීම ද මෙම වැඩසටහනෙහි එක් අංශයක් වේ. මෙම වැඩසටහන උතුර, නැගෙනහිර, ඌව සහ බස්නාහිර පළාත්වල ක්‍රියාත්මක කරනු ලැබේ.

     

    මෙම වැඩසටහනෙහි පළමු අදියර යටතේ දකුණු, මධ්‍යම, සබරගමුව වයඹ උතුරුමැද යන පළාත්වල සහ බස්නාහිර පළාතෙහි කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කි. මි. 3108 සහ ජාතික මාර්ග කි. මි. 248 පිළිසකර කිරීම සිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතියි.

     

    මෙම වැඩසටහනෙහි පළමු මූල්‍යයන අදියරෙහි සමස්ත ආයෝජන පිරිවැය ඇ.ඩොලර් 172.1 ක් වේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක් ණය ගිවිසුම් දෙකක් ඔස්සේ ලබාදෙන අතර රජයේ දායකත්වය ඇමෙරිකානු එක්සත් ඩොලර් මිලියන 22.1ක් වේ.

     

    සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය

     

    රටෙහි බලශක්ති සුරක්ෂිතතාවය මෙන්ම පරිසරයද වැඩිදියුණු කිරීම සදහා සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සම්පත් භාවිතා කිරීම මගින් විදුලිබලය නිපදවීම විවිධාංගීකරණය කිරීම කෙරෙහි වර්තමාන බලශක්ති ප්‍රතිපත්තිය යොමුවී ඇත. සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, වසර 2020 වනවිට පිවිතුරු බලශක්ති නිෂ්පාදනය වැඩිකරමින් රටෙහි සමස්ත විදුලි උත්පාදනයෙන් 20%ක් සම්ප්‍රදායික නොවන විදුලි උත්පාදනය තුළින් සිදුකිරීමේ රජයේ අරමුණ ළගාකරගැනීම සඳහා උපකාරී වනු ඇත. යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ මන්නාරම් දූපතේ මෙගා වොට් 100 ක ධාරිතාවයෙන් යුත් සුළං බළාගාරයක් ඉදිකරනු ඇත. මීට අමතරව අභ්‍යන්තර මධ්‍යම වෝල්ටීයතා යටිතල පහසුකම්, අභ්‍යන්තර මංමාවත් හා කේබල් එලීම ඇතුළු සුළං උද්‍යානයේ සියළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සුළං බල පුරෝකථනය පාලනය හා මෙගාවොට් 100 ක සුළං බල උච්චාවචනය කළමණාකරනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති පාලන මැදිරියක් ස්ථාපිත කිරීම සිදු කරනු ඇත.

     

    මෙම ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇ.ඩොලර් මිලියන 256.7 ක් වන අතර එම පිරිවැයෙන් ඩොලර් 200 ක් ආසියානු සංවර්ධන බැංකුව විසින් භාණ්ඩාගාර ඇපකරයක් යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙත සෘජු ණයක් ලෙස ලබා දෙනු ඇත. ඉතිරි ඩොලර් 56.7 ක මුදල ලංකා විදුලිබල මණ්ඩලය විසින් මූල්‍යනය කරනු ඇත.

     

    දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ඇ.ඩොලර් මිලියන 150 ක මුදලක් ලබාගැනීම සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන්ද ණය ගිවිසුම් දෙකකට ඊයේ දින අත්සන් කරන ලදී.

     

    සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදීම වෙනුවෙන් ඇප සහතික ගිවිසුමකටද ඊයේ (22) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී. මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති හා උපසභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්යානපෘතිය ක්රි යාත්මක කිරීම සදහා ඇ.ඩොලර් මිලියන 200 ක් ලබා ගැනීම සදහා ණය ගිවිසුමකට අත්සන් තබන ලදී.

     

    මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති වෙන්කායි ෂැංග් මහතා ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya