අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර පාසල් අධ්‍යාපනය ඉහළ නැංවීමට පියවර

    නොවැම්බර් 22, 2017

    පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධ ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    පෙර පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ගේ ජීවිතවල මූලික පදනම සකස් කරන බැවින් පෙර පාසල් අධ්‍යාපනය යනු සුවිශේෂ අවධානයක් යොමු කළ යුතු අංශයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

     

    එබැවින් පෙර පාසල් ගුරුවරුන් නිවැරදි ලෙස පුහුණු කළ යුතු බවත් එ් සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීමට ද රජය අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

     

     ඒ මහතා ප්‍රකාශ කළේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය එක්ව පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමට අදාළ වැඩසටහන් රැසක් දියත් කිරීමට පියවර ගන්නා බවයි.

     

    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කර ඇති මුල් ළමා විය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ පෙරපාසල් 150 ක් සඳහා මූල්‍යාධාර පිරිනැමීමේ මෙම උත්සවය පසුගිය දා පැවැත්වුණේ කුලියාපිටිය අධ්‍යාපන කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    මේ අවස්ථාවට ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya