අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාවට එරෙහිව පරීක්ෂණ පවත්වන්න කිසිදු ජාත්‍යන්තර ආයතනයක් ඉල්ලා නෑ - නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

    නොවැම්බර් 18, 2017

    යුද හමුදාවට එරෙහිව පරීක්ෂණ පවත්වන්න කිසිම ජාත්‍යන්තර ආයතනයක් ඉල්ලා නෑ. ජාත්‍යන්තරය සමඟ විනිවිදභාවයෙන් අප කටයුතු කරන්නේ යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (18)පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    මානව හිමිකම් දකින්නේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස දකින්නේ. එය විදේශ ප්‍රතිපත්තියක් නොවේ. ඊයේ සවස ජීනීවලට වාර්තාව ඉදිරිපත් කළේ. අපේ රට ගැන කතා කළා. රටවල් 13ක් පූර්ව නිර්දේශ. ශ්‍රී ලංකාව ඉදිරියට ගිහින් තිබෙන ආකරය සඳහන් කළා. සමහර අය මානව හිමිකම් කියන වචනය නරක වචනයක් ලෙස දේශපාල්න වේදිකාවල කියන්න පටන් ගෙන තිබෙනවා.

    සංහිදියාව හරහා ලබාදෙන මානව හිමිකම් එක හා ලබාදීම අපේ රජයේ අරමුණ. සිදුවන පරීක්ෂණ වැරදි දේවල් ලෙස හුවා දක්වනවා. ශ්‍රී ලංකාවේ  සන්නද්ද්ධ ජනතාව සාමාන්‍ය ජනතව අසාධාරණ ලෙස ඉලක්ක කර නති බව කිව්වා. ත්‍රස්තවාදය නතිකිරීම ගැන හමුදාවට කෘතඥතාවය පළ කරනවා. යුද හමුදාවට එරෙහිව පරීක්ෂණ පවත්වන්න කිසිම ජාත්‍යන්තර ආයතනයක් ඉල්ලා නෑ. ජාත්‍යන්තරය සමඟ විනිවිදභාවයෙන් අප කටයුතු කරන්නේ. අපට හංගන්න දෙයක් නෑ. ඇයි අප බයවෙන්නේ. ඒ නිසයි අපිව ජාත්‍යන්තරය විසින් පිළිගන්නේ. රටවල් 101 නිර්දේශ 230 ඇවිත් තියෙනවා.අපි 177ක් නිර්දේශ පිළිගන්න සූදානම්. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ගැන අප කතා කළා. අද රටේ ස්වාධීනත්වය තිබෙනවා. මානව හිමිකම් අමාත්‍යාංශයක් නොතිබුණාට ප්‍රතිපත්තියක් ලෙස මානව හිමිකම් සුරක්ෂා කිරීමට බැදී සිටිනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya