අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්නිදිග ආසියාතික රාජ්‍යයන්හි අන්තර්ජාතික නෞකා පිරික්සුම - 2017

    නොවැම්බර් 18, 2017
    අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට වසර 50 ක් සපිරීම නිමිති කරගනිමින් අග්නිදිග ආසියාතික රාජ්‍යයන්හි අන්තර්ජාතික නෞකා පිරික්සුම - 2017 අද (18) සිට 21 වන දින දක්වා තායිලන්තයේ පට්ටයා මුහුදු ප්‍රදේශයේ දී  පැවැත්වීමට නියමිතව ඇත. 
     
    මෙම නෞකා දැක්ම සහ නාවික අභ්‍යාසයන් සඳහා අග්නිදිග ආසියාතික රටවල් 19 ක් නියෝජනය කරමින් ‍යුද නෞකාවන් 26 ක් සහභාගී වීමට නියමිතව ඇත.
     
    අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව වන ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව පසුගිය 09දා තායිලන්තය බලා පිටත් ව ඇත.
     
    මේම නෞකාව කාර්යය මණ්ඩලය 127 දෙනෙකු සමගින් අදාල අභ්‍යාසයන්ට සහභාගි විම සඳහා ත්‍රිකුණාමලය වරායෙන් පිටත්විය. මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ මෙම නෞකාව මෙවන් විදේශ අභ්‍යාසයක් සඳහා සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සනිටුහන් වේ.
     
    ඉන්දියාවේ Goa Shipyard Ltd (GSL) හිදී නිෂ්පාදනය කරන ලද "සයුරල" නෞකාව 2017 අගෝස්තු මස 02දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් අධිකාරියට පත් කරන ලදී. මෙම නෞකාව දිගින් මීටර් 105.7 සහ පළලින් මීටර් 13.6 ක් වන අතර උපරිම වේගය පැයට නාවික සැතපුම් 12 -14 අතර වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya