අමාත්‍යවරයා අද (10) මේ බව ප්‍රකාශ කළේ, අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභගීවෙමිනි.
අපේ රටේ පැරණි මුතුන් මිත්තන්ගේ හැකියාවන් දක්ෂතාවයන් යලිත්වරක් නූතන පරම්පරාවට ලබාදීම නීල හරිත අයවැයේ අරමුණ වන්නේ.ලංකා ඉතිහසයේ රන්වන් යුග තිබිලා තිබුණේ ලෝකය සමඟ සිටින අවස්ථාවක. ලංකාව ලෝකය සමඟ ගනුදෙනු කළ රටක්. යළි ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය වීමට නම් තරුන තරුණියන්ගේ හැකියාවට පණ දෙන්න ඕන. එන්ටප්‍රයිස් ස්‍රී ලංකාව කියන සංකල්පයේ අරමුන, මහාපරිමාණ වෙළෙන්දත්,කුඩා වෙළෙන්දත්,නව නිපැයුම් කරන තරුණයා අරගෙන අඩු පොළියට ණය ලබාදීලා,මේ මහා යාන්ත්‍රණයේ දායකත්වය කොටස් කරුවන් බවට පත් කිරීම කළ යුතුයි.
උසස් අධ්‍යාපනයට,වෘත්තීය අධ්‍යාපනය දියුනු කරලා, නව ණය ක්‍රමයක් ඔවුන් වෙනුවෙන් හඳුන්වා දෙනවා. විශ්වවිද්‍යාලය දොරකඩ ළඟට ගිහින් හැරිලා එනවා. ලක්ෂ තුනක් උසස් පෙළට වාඩි වෙනවා. 30,000ක් විතර ඇතුළට යනවා. යමක් තියෙන අය පිටරට යනවා. ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාලවලට යන්න බරිව නතර වෙනවා. විශ්වවිද්‍යාලවලට යන්න බරුව තියෙන්නේ ක්‍රමයේ අඩුපාඩුකම් නිසයි.ක්‍රමයෙයි අඩුපාඩුව. හැකියාව හා සිහිනය සැබෑ කරන්න ඒ අය දිරිමත් කරන්න ඕන. ඒකයි රජයේ අරමුණ. ලංකාව පුරා ජාත්‍යන්තර මට්ටමේ කාර්මික පුහුණු විද්‍යාල 10ක් දාන්න අප යෝජනා කර තිබෙනවා.
ත්‍රීවිල් රියදුරන් කරන්නේ ප්‍රධාන රැකියාවක්. රටේ ලක්ෂ 15ක් විතර ත්‍රීරෝද තිබෙනවා. ත්‍රීවිලය සංචාරකයන්ගේ ජනප්‍රිය වාහනයක් වෙලා. සංචාරක කලාපවල ත්‍රීවිල් රියදුරන් පුහුණු කරනවා. සංචාරක මඟ පෙන්වීමට පුහුණුවක් ලබාදෙනවා. ඔවුන්ට ඒ සඳහා බලපත්‍රයක් ලබාදෙනවා. ත්‍රීවීල් රියදුරන් ගෞර්වාන්විත රැකියාවක් බවට පත් කිරීමට බලපොරොත්තු වෙනවා.
බංකු ගණුදෙනුවලින් රුපියල් 1000 කින් ශත විස්සක් අයකිරීම ගිණුම්කරුවන් කරුවන් මදිහත් කරගන්නේ නෑ. අයවැය යෝජනා ක්‍රියාත්මක වනවද කියා අධීක්ෂණය කරන්නට වෙනම ඒකකයක් ස්ථාපිත කරනවා. එය මේ වසරේ සිට ක්‍රියාත්මක කරනවා.
ශ්‍රී ලංකාවේ ලොකුම ප්‍රශ්නය කසිප්පු. අනෙක් එක වල් රා කියන පානය. සියයට 49%ක් කසිප්පු බොනවා.මෙය මේ රටේ සුවිශාල ප්‍රශ්නයක්.වෙනත් රටවල සැර මත්වතුර බොන්නේ අඩුවෙන්. ලංකාවේ සැර අඩු මත්පැන් බොන්නේ සියයට 11ට වඩා අඩුවෙන්.රටේ ඉන්න කසිප්පුකාරයන්ගෙන් රට බේරාගන්න ඕන.සමහරු කියනවා බියර් බිව්වාම අනෙක් ඒවට ඇබ්බැහි වෙනවා කියලා.සංචාරක නිකේතන හා බලපත්‍ර සහිත ස්ථානවල බියර් තියෙනවා.
වාහන මිල සුත්‍රයකට අනුවයි සිදු කරන්නේ. ශ්‍රී ලංකා ගුවන් සමගම තවදුරටත් රජයට බරක් දැරීමට සූදානම් නෑ. ගොවීන් සඳහා විශාල රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.මෙවැනි රක්ෂණයක් දෙන්නේ ප්‍රථම වරටයි.තව කරුණක් දුරකතන කෝල් එකකින් රුපියල් දෙකක් කපනව කියන එක අමූලික බොරුවක්.
මෙහිදී අඳහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ,දුරකතන කුළුණු අවම කිරීම අරමුණක් බවයි. එය පරිසර හිතකමී වැඩපිළිවෙලක් බවත් දීර්ග කාලීනව දියුණු කෙරෙන වැඩපිළිවෙලක් බවත් කීය.
මේ අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.