මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    INFOTEL -2017 ප්‍රදර්ශනය ඇරඹෙයි

    නොවැම්බර් 02, 2017

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයත්, FITIS (federation of IT Industry)  ආයතනයත්, විසින් ඩිජිටල් ආර්ථිකයක් කරා තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති INFOTEL 2017 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.

    INFOTEL ප්‍රදර්ශනයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් මෙවර ප්‍රදර්ශනය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය ද මෙවර මෙම ප්‍රදර්ශනයේ පාර්ශවකරුවකු ලෙස කටයුතු කරන අතර මෙවර ප්‍රදර්ශනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව සඳහා ද කුටියක් ක්‍රියාත්මක වන අතර, මේ යටතේ ඩිජිටල් අධ්‍යාපනය සම්බන්ධ ආකෘතික ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    INFOTEL ප්‍රදර්ශනයට සමගාමීව සහ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් මේ සඳහා දායකත්වය ලබාදෙන අමාත්‍යාංශ සහ ආයතනවල ප්‍රධානීන් සඳහා වන CXO සමුළුව ද ඊයේ කොළඹ හිල්ටන් හෝටලයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    අද (02) සිට ආරම්භ වන ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේ දී පාසල් සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් හා සම්මන්ත්‍රණ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යෙයන් පැවැත්වෙන අතර, මේ සඳහා පාසල් සිසුන් 3,500ක් පමණ කැඳවා තිබේ. මෙම ප්‍රදර්ශනය සඳහා පාසල් නිල ඇඳුමින් පැමිණෙන සිසුන්ට නොමිළේ ඇතුළු වීමේ පහසුකම ද සලසා ඇත.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම උත්සව අවස්ථාවන් සඳහා සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya