මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියට පළාත් පාලන ආයතන 06ක්

    නොවැම්බර් 01, 2017
    නව සීමා නිර්ණයන්ට අනුකූලව නුවරඑළිය දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන 06ක් වශයෙන් ප්‍රාදේශීය සභා ප්‍රමාණය වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.
     
    එම නිර්ණායක මත පදනම්ව වර්තමාන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අඹගමුව, මස්කෙළිය සහ නොර්වුඩ් ප්‍රාදේශීය සභා වශයෙන් නව පළාත් පාලන ආයතන 03ක් ලෙස සංස්ථාපනය කිරීමටත්, වර්තමාන නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නුවරඑළිය, ආගරපතන සහ කොටගල ප්‍රාදේශීය සභා වශයෙන් නව පළාත් පාලන ආයතන 03ක් ලෙස සංස්ථාපනය කිරීමටත් තීරණය කර තිබේ. 
     
    නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට සහ පවත්නා පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීමට විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද නිර්ණායක සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විටත් අනුමැතිය ලබා දී ඇත.
     
    ඒ අනුව, ඉහත සඳහන් පළාත් පාලන ආයතන ද ඇතුළත්ව සියලු ම පළාත් පාලන ආයතන සංස්ථාපන නියමයන් අද (01) ගැසට් කිරීමට ද කටයුතු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya