අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සිතියම් සංග්‍රහය - 2013/14

    නොවැම්බර් 01, 2017
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද 2013/14 ආර්ථික සංගණනයේ ලැයිස්තු ගතකිරීමේ අදියරේ දත්ත සමුදායන් ඇසුරින් කරන ලද විශ්ලේෂණාත්මක විග්‍රහයන් ඉදිරිපත්කර ඇති “ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සිතියම් සංග්‍රහය - 2013/14” මෙම මෑතකදී එළිදක්වා ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ශ්‍රී ලංකාවේ ආර්ථික සංගණනයේ (2014) කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු ගණන් ගැනීමේ අදියරට  මිලියන 1.02 ක පමණ ආයතන ගණනක් අයත් වූ අතර ඉන් මිලියන 0.26 ක් නිෂ්පාදන හා ඉදිකිරීම් ආයතනද, මිලියන 0.49 ක් වෙළඳ ආයතනද, මිලියන 0.34 ක් සේවා ආයතනද විය.
    ආර්ථික සංගණනය මගින් සම්පාදනය කරන ලද සංඛ්‍යාත්මක, භූගෝලීය සහ අනෙකුත් දත්ත සංකලනය කරමින් සැකසූ මෙම සිතියම් සංග්‍රහය, මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන්, සංවර්ධන විශේෂඥයන් සහ අනෙකුත් ආයතන වෙත නිවැරදි තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති සැකසීම සඳහා භාවිතා කළහැකි වැදගත් මුලාශ්‍රයක් ලෙස සැලකිය හැක. සියළු ආර්ථික කටයුතු විසිරී ඇති ආකාරය, කාර්මික අංශයේ වැදගත් දර්ශක, විශේෂයෙන් සැලකිලිමත් වියයුතු වන අවිධිමත් අංශයද ඇතුලත්ව සේවා අංශයේ විසිරීම, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාප්තිය, කෘෂිකාර්මික නොවන ආර්ථික අංශයේ රැකියා අවස්ථා ආදිය පාදක කරගනිමින් ආර්ථික සංවර්ධනය සඳහා සුදුසු ප්‍රදේශ මෙම සිතියම් අධයනය කිරීමෙන් හඳුනාගත හැකි වේ. 
     
    සිතියම් සංග්‍රහයේ ප්‍රධාන තේමාවන් විශ්ලේෂණය කර සිතියම් ඇසුරින් මනාව දෘශ්‍යමාන වන ලෙස තාක්ෂණික ශිල්පක්‍රම යොදාගනිමින් සකස්කර ඇති අතර ජනගහන ඝනත්වය, දරිද්‍රතාවය ආදී වෙනත් දත්ත සමග සැසදීම් කර, දර්ශක සකස්කර, කාණ්ඩ ගතකර ඉදිරිපත් කර ඇත. සිතියම් සංග්‍රහය තුල පරිපාලන කොට්ඨාශ අනුව, අංශ අනුව, ආර්ථික අංශ අනුව, ශ්‍රී ලංකා සම්මත කර්මාන්ත වර්ගීකරණය (SLSIC) අනුව, විවිධ විග්‍රහයන් අනුව ආයතන සහ සේවා නියුක්තියේ විසිරීම සහ ඝනත්වයේ විසිරීම අනුව, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත වර්ගීකරණය (SME) අනුව සහ එම වර්ගීකරනයන්ගේ ඡේදනයන් අනුවද සිතියම් සකස් කර ඇත. තවද උචිත ස්ථානවලදී තවදුරටත් විස්තර සැපයීම සහ නිරීක්ෂණය කිරීමේ පහසුව සලකා දත්ත වගු සහ ප්‍රස්තාර මගින්ද ඉදිරිපත්කර ඇත. 
     
    එබැවින් “ආර්ථික කටයුතු පිළිබඳ සිතියම් සංග්‍රහය - 2013/14”, ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය, පර්යේෂණ, ආර්ථික විශ්ලේෂණ සහ අධ්‍යාපන අවශ්‍යතා ආදිය සඳහා නව මානයක් ඔස්සේ තොරතුරු ලබාගතහැකි වැදගත් මුලාශ්‍රයක් වනු ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
     
    සිතියම් සංග්‍රහයේ පිටපතක් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.statistics.gov.lk ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත.
     
     
    වසර 1871 දී පළමු වරට ජන හා නිවාස සංගණනයක් පවත්වනලද දකුණු ආසියානු රට ශ්‍රී ලංකාවය. නමුත් මින් පෙර වෙන වෙනම පවත්වන ලද කෘෂිකාර්මික හා කර්මාන්ත / වෙළඳ / සේවා සංගණන එක් කරමින් මුල්වරට ආර්ථික සංගණනයක් පවත්වන ලද්දේ 2014 වසරේදීය. තවද, මෙම සංඛ්‍යාති ප්‍රතිපත්ති සැලසුම් සඳහා ව්‍යාපාර දත්ත යොදාගැනීම, විවිධ පර්යේෂණ, තම නිෂ්පාදන සඳහා නව වෙළඳපොලවල් සොයාගැනීම ආදී විවිධ කටයුතු සඳහා වැදගත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya