අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නීල හරිත යුගයක්" ලබන 16 සහ 17 දෙදින

    ඔක්තෝබර් 14, 2017

    Sri Lanka NEXT නීල හරිත යුගයක් ජාතික වැඩසටහන ලබන 16 වැනි දා සහ 17 වැනි දෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් ලබන 16 වැනිදා පැවැත්වේ.

    මෙම වැඩසටහනට සමගාමීව මෙම දෙදින තුළ ජනාධිපති පරිසර සම්මාන උළෙල, දේශන, සම්මන්ත්‍ර‍ණ, සංවාද වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

    2015 නොවැම්බර් මස 30 වන දින සිසට 2015 දෙසැම්බර් 11 න දින දක්වා පැරීස් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ වූ ලෝක නායක සමුවේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සඳහා හැකි සෑම පියවරයක්ම ගැනීමට මෙම සමුළු සාමාජිකයන් අතර ඇති වූ එකඟත්වයකට පැමිණි තිබේ.

    එමෙන්ම නිරන්තරයෙන්ම ස්වභාවික විපත්වලට මුහුණ දෙන ශ්‍රී ලංකාව වැනි දියුණුවන රටක් ලෙස මෙම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනට දායක වෙමින් නීල හරිත සංවර්දනය උපාය මාර්ගික ආකෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව නීල සංවර්ධනය සහ  හරිත සංවර්ධනය යටතේ ඇති විවිධ ක්ෂේත්‍ර‍යන්  සඳහා විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව ද නීලහරිත යුගයක් ගොඩනැගීමට පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya