මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ ඇමැතිනී දිවයිනෙන් පිටත්ව යයි

    ඔක්තෝබර් 14, 2017

    රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන 137 වන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ප‍්‍රධාන සැසිවාරයට සහභාගිවීම සඳහා අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය දිවයිනෙන් පිටත්ව ගියාය.

    මෙහිදී ඇය විසින් අන්තර්ජාතික මට්ටමෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකීරීම සම්බන්ධයෙන් අදහස් පළකිරීමට නියමිත අතර, කාන්තා නියෝජනය වැඩිකිරීම සම්බන්ධ යෝජනාවන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

    137 වන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ප‍්‍රධාන සැසිවාරයට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා, අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් හා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාද සහභාගිවීමට නියමිතය.

    ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය මින් අනතුරුව බහමාස් රාජ්‍යයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ වාර්ෂික සැසිවාරය සඳහා ලබන 16 වන දින සිට 19 දක්වා සහභාගිවීමට නියමිතය.

    අධිකරණ අමාත්‍යවරිය අධිකරණ අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව අන්තර්ජාතික මට්ටමේ සැසියක් සඳහා සහභාගිවන පළමු අවස්ථාව මෙය වන අතර මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල අධිකරණ අමාත්‍යංශවල දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාවක් වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya