අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතිය හෙට සිට

    ඔක්තෝබර් 05, 2017

    ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සමාරම්භක උත්සවය හෙට (6) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රෙය් දී පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන - 2017 පිළිබඳව  ජනාධිපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට ඊයේ (04) එක්වෙමිනි.

    මෙහි තේමාව ''එක්වෙමු - නැඟිටිමු, අටුකොටු පුරවමු'' ලෙස නම් කර තිබේ.
     
    දේශගුණික විපර්යාසයන් හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව තිරසර ලෙස ඉදිරියට ගෙන ඒමට සහ  මෙරට කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කළ බව අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව මෙම වැඩසටහන හෙට සිට ලබන 12 වන දා දක්වා සතියක් පුරා පැවැත්වෙන අතර මෙම සතිය ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ ආරම්භක සතිය ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම ලබන 6 වන දා ගොවි දිනය ලෙසත්, ලබන 7 වන දා සිසු දිනය ලෙසත්, ලබන 8 වන දා පශු සම්පත් දිනය ලෙසත්, ලබන 9 වන දා ව්‍යවසායකත්ව දිනය ලෙසත්, ලබන 10 වන දා ධීවර දිනය ලෙසත්, ලබන 11 වන දා රාජ්‍ය සේවක දිනය ලෙසත්, ලබන 12 වන දා දියවර දිනය ලෙසත් නම් කර දිවයින පුරා වැඩසහන් රැසක් සංවිධානය කර තිබෙන අතර ලබන ලබන 14 වන දා උතුරු පළාතේ දී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මේ අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන්,ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya