මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ලබන 9 දා ෆින්ලන්තයට යයි Featured

    ඔක්තෝබර් 05, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 09 වන දා ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතය.



    ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත්, වෙළෙඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සංචාරයේ දී වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ෆින්ලන්තයේ, හෙල්සින්කි නගරයේ දී ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලර් (HE Juha Sipilä) මහතා ඇතුලූ ඉහළ පෙළේ නායකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද ෆින්ලන්ත සංචාරයට එක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya