මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල සහ මන්නාරමේදී ජනතා සේවය වැඩසටහන් මාලාවක්

    සැප්තැම්බර් 19, 2017

    නිල මෙහෙවර ජනපති ජනතා  සේවය - ජාතික වැඩසටහන 2017 මාලාව යටතේ කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රීදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රම්බඩගල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී  ලබන 23 වන දින සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ දී  ලබන 24 වන දින මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.

    මන්නාරම දිස්ත්‍රික්කයේ ද  නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහන් දෙකක් ක්‍රියාත්මත වීමට නියමිත අතර  ලබන 30 වන දා මාන්තායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩම්පන් විද්‍යාලයේ දී  සහ  ලබන ඔක්තෝබර් 01 දින  මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිලාවතුර විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය.

    එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම වැඩසහන් හතරක් ක්‍රියාත්මක වීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔක්තෝම්බර් 14 දා  පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්නල ජාතික පාසලේදී,  ඔක්තෝබර් 15 වන දින උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුම්මලසූරිය ජේ.ආර්.ජයවර්ධන ජාතික පාසලේ දී, ලබන ඔක්තෝබර් 28 වන දින නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිකවැරටිය මහසෙන් විද්‍යාලයේ දී, සහ ලබන ඔක්තෝබර් 29 වන දින ද බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉසිපතන ජාතික පාසලේ දී පැවැත්වීමට නියමිතය.

    සෑම දිස්ත්‍රික්කයකම මෙම වැඩසටහන් පැවැත්වෙන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා මෙම වැඩසටහන් පැවැත්වෙන අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන් සංවිධාන කරනු ලබයි.

    පසුගිය 16, 17 සහ ලබන 23 සහ 24 දියන්හිදී පැවැත්වීමට තිබූ නිල මෙහෙවර ජනපති ජනතා  සේවය - ජාතික වැඩසටහන් මාලාව සංශෝධනය වූ අතර එම වැඩසටහන් ඉහත දිනයන්වල පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya