මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව ගොඩනැඟිල්ලක්

    සැප්තැම්බර් 19, 2017

    හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිකෙරෙන නව තෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම, ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ ඇම්.පී.ජයසිංහ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර, ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු.රත්නායක, ඌව පළාත් සභා මන්ත්‍රී සුනිල් ජයන්ත කන්නන්ගර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක්ද එක්ව සිටි අතර හාලිඇල ප්‍රාදේශීය ලේකම් එන්.සී.හෙන්නායක මහත්මියගේ මූලිකත්වයෙන් එම කාර්යාලයීය කාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.


    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම නව ගොඩනැඟිල්ල සඳහා රුපියල් ලක්ෂ 1200 කට ආසන්න මුදලක් වැයකිරීමට නියමිතය.

     

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - බදුල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya