අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ප්‍රතිබැහැදැක්ම" අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී Featured

    සැප්තැම්බර් 18, 2017

    රජයේ චිත්‍රපට අංශය පෝෂණය කිරීමට එදාමෙදා තුර අනුපමේය මෙහෙවරක් ඉටුකළ හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලියනසූරිය, කීර්ති ශ්‍රී පෙරේරා යන මුල්කාලීන සම්මානනීය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඇගයීමේ උපහාර උළෙල අද (18) ප.ව. 6.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

     

    මෙම උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ හා මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම උත්සවය පැවැත්වේ.

     

    එමෙන්ම උපහාර උළෙලට සමගාමී ව රජයේ චිත්‍රපට අංශය මගින් නිෂ්පාදනය කරන ලද සම්මානනීය වාර්තා චිත්‍රපට ඇතුළු වාර්තා චිත්‍රපට ඩිජිටල්කරණය කර, සංරක්ෂණය කිරීම සඳහා ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදීම හා සංරක්ෂණය කළ වාර්තා චිත්‍රපට අන්තර්ජාලයට මුදා හැරීම සිදු කෙරෙනු ඇත.

     

    මෙම අවස්ථාවට කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya