මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත්වන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 17, 2017

    ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කර තිබෙන වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට බස්නාහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත්වන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහන   (16) පෙරවරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සහ සංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී අපේක්ෂකයින් දැනුවත් කෙරුණු අතර, අපේක්ෂයින්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා තිබුණි.

    මෙහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නිවැරදි හා නොකිළිටි පක්ෂයක් ලෙස ගොඩනගමින් පසුගිය කාලය තුළ සිදුවූ වැරදි යළි සිදුවීමට ඉඩ නොතබා සියලු පාක්ෂිකයින්ට එකට සිටගත හැකි දේශපාලන පක්ෂයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩනැගිය යුතු බවයි.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊට නිවැරදි නායකත්වය ලබාදෙමින් සිටින බව පැවසූ දුමින්ද දිසානායක මහතා ඉදිරියේදී පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරා ගමන් කරනු ඇති බව ද සඳහන් කළේය.

    එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේ මෙරට දේශපාලන සංස්කෘතිය පිරිහීමට ලක් කළ මනාප ඡන්ද ක‍්‍රමය වෙනුවට කොට්ඨාශ ක‍්‍රමයට ඉදිරි පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු සූදානම් කිරීමම පිරිසිදු දේශපාලන සංස්කෘතියක් අගයන සියලු දේශපාලන පක්ෂ මෙන්ම පොදු මහ ජනතාව ද වත්මන් රජය යටතේ ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් බවයි.

    ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත්වන අපේක්ෂකයින් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී පැවැත්වෙණු ඇත.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නායක අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, කළුතර දිස්ති‍්‍රක් නායක අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya