අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවන වරට ද ජගත් සමුළුව ඇමතීම සඳහා ජනපති අද ඇමරිකාවට Featured

    සැප්තැම්බර් 17, 2017

    එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  අද  (17) පස්වරුවේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

    ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන 03 වන අවස්ථාව මෙයයි.

    ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප‍්‍රයන්ත දැරීම, (Focusing on people : Striving for peace and a decent life for all on a sustainable planet) තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්වේ.

    එහි ප‍්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 19 වනදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරයි.

    එමෙන්ම ශී‍්‍ර ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත්, 2017 වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය ලෙස ප‍්‍රකාශයට පත්කරමින් ගෙනයන වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙම සැසිවාරය තුළදී ජනාධිපතිතුමා විසින් ලෝක නායකයින් දැනුවත් කරනු ඇත.

    එමෙන්ම සැසිවාරයට සහභාගීවන ලෝක නායකයින් රැසක් සමග ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

    සැප්තැම්බර් 23 වනදා දක්වා සිදුකෙරෙන සිය ඇමරිකානු නිල සංචාරය තුළදී එරට වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග හමුවකට මෙන්ම තවත් වැඩසටහන් රැසක් සඳහා ජනාධිපතිතුමා එක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya