මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සහ හෙට වැසි වැඩිවීමක්

    සැප්තැම්බර් 16, 2017

    දිවයිනේ නිරිතදිග කොටසේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළං වේගය (පැ.කි.මී 40-50 පමණ) සහ දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල සුළංවේගය (පැ.කි.මී. 55-60) වැඩිවීමක් බලාපොරොත්තුවේ.

    සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

    ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇති විය හැක.
    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya