අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආර්ථික සභාව පළමු වරට අද රැස්වෙයි

    සැප්තැම්බර් 12, 2017

    රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව පළමු වරට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සරත් අමුණුගම, සුසිල් පේ‍්‍රමජයන්ත, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ශාන්ත බණ්ඩාර සහ ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහතවරුන් ඊට සහභාගී වූහ.

    දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත‍්‍රය සඳහා ප‍්‍රමුඛතාවය ලබාදෙමින් රටේ ජාතික ආර්ථිකය පිළිබඳව තීන්දු තීරණ ගැනීම ජාතික ආර්ථික සභාවේ ප‍්‍රමුඛ වගකීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳව අවශ්‍ය මූලික කරුණු පිළිබඳව අවශ්‍ය අවස්ථාවන්වලදී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම ව්‍යවසායකයින් ද කැඳවා සාකච්ඡා පවත්වන බව කියා සිටියේය.

    විශේෂයෙන්ම දිළිඳුකම පිටුදකිමින් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ගතයුතු පියවර කඩිනමින් කි‍්‍රයාවට නැංවීම ජාතික ආර්ථික සභාවේ අරමුණ බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ආර්ථික ප‍්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය කටයුතු , රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.

    ප‍්‍රාදේශීය වශයෙන් සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එක් එක් අමාත්‍යාංශ සහ ආයතන සඳහා වාර්ෂිකව අය වැයෙන් වෙන් කරන ප‍්‍රතිපාදන අදාළ සංවර්ධන කාර්යයන් සඳහා වැය නොකර ආපසු මහා භාණ්ඩාගාරය වෙත හරවා එවීමෙන් රටේ සංවර්ධනයට සහ මහජන සුබසාධනයට සිදුවන අසාධාරණය පිළිබඳව ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.

    දිස්ති‍්‍රක් මට්ටමින් අදාළ මහජන නියෝජිතයින්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ගන්නා තීන්දු තීරණ නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා ලබාදෙන ප‍්‍රතිපාදන නිසි සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීම පිළිබඳව ද ජනාධිපතිතුමා කරුණු පෙන්වා දුන්නේය.

    ග‍්‍රාමීය මට්ටමින් මුල්‍ය සමාගම් හරහා සිදුවන අවිධිමත් ණය නිකුත් කිරීම් හේතුවෙන් ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කරනු ලැබීය.

    ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට ඝෘජුවම අදාළ උපායමාර්ගික වශයෙන් වැදගත් ප‍්‍රතිපත්ති, ගිවිසුම් හා ව්‍යාපෘති පිළිබඳව උපදෙස් හා මාර්ගපදේශනය සැපයීම ජාතික ආර්ථික සභාවේ විෂය පථයට අයත් වේ.

    ජාතික ආර්ථික සභාව සෑම සති දෙකකට වරක්ම ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
    මෙම සභාවේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පත්කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට අනුමැතිය හිමි වී තිබේ.

    ආසියානු සංවර්ධනබැංකුවේ ප‍්‍රාග්ධන අළෙවි උපදේශකවරයෙකු සහ ශී‍්‍ර ලංකා මූල්‍ය සංගමයේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන ලලිත් සමරකෝන් මහතා මූල්‍ය ආර්ථික විද්‍යාඥයෙකු ලෙස දශක දෙකකට වැඩි කාලයක් අත්දැකීම් සහිත මුදල් හා මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකි.

    එමෙන්ම නැඟ එන වෙළෙඳපොළ පිළිබඳව අවධානය යොමු කරමින් ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳව පර්යේෂණවල නිරතව සිටින ඒ මහතා ශී‍්‍ර ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ ග‍්‍රන්ථ රැසක් ද සම්පාදනය කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya