අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණේමුල්ල නව ගුවන් පාලම ළඟදීම ජනතා අයිතියට

    සැප්තැම්බර් 12, 2017

    ගණේමුල්ල නව ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින අතර එය ළඟදී ම ජනතා අයිතියට පත්කෙරෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

    මාර්ග සංවර්ධන අධිකාරියේ බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය යටතේ, ගණේමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ඉදිවන මෙම ගුවන් පාලමේ දිග ප‍්‍රමාණය මීටර් 504කි. මීටර් 300ක පිවිසුම් මාර්ගයක් ඊට ඇතුලත්වේ. මංතීරු දෙකක් සහිතව ඉදිකෙරෙන පාලම වෙනුවෙන් වැය කෙරෙන මුදල රු.මිලි.1768.21 කි.

     

    ගණේමුල්ල නඟරය ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන නඟර කිහිපයක් මධ්‍යයේ පිහිටා  ඇත. කඩවත, ගම්පහ, ජාඇල කඳාන වැනි ජනාකීර්ණ නඟර අතර පිහිටි ගණේමුල්ල නඟරය හරහා දිනපතා විශාල රථවාහන ප‍්‍රමාණයක් ගමන් ගනී.

     

    දිවයිනේ ප‍්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගණේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන්ද නගරය තුළ නිරන්තර මාර්ග තදබදයක් ඇතිවේ. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් අරමුණින් 2015 අප්‍රේල්  19 වන දින ගණේමුල්ල ගුවන් පාලමේ ඉදිකිරීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වය සහ මඟපෙන්වීම අනුව ආරම්භ විය.

     

    දුම්රිය මාර්ගය හා මහාමාර්ගය සමීපව පිහිටීම හේතුවෙන් ඇතිවන අනාරක්ෂිත බවද මේ පාලම ඉදිවීමත් සමඟ අවම වනු ඇති. එසේම තදබදය හේතුවෙන් සිදුවන වායු දූෂණයද විශාල ප‍්‍රමාණයකින් අඩුවීමද මෙම ගුවන් පාලම ඉදිකිරීමේ ප‍්‍රධානතම අරමුණ වේ. බියන්විල, - ගණේමුල්ල, කිරිඳිවිට - ගණේමුල්ල මාර්ග ඔස්සේ තදබදයකින් තොරව රථවාහන ධාවනය කිරීමේ අවස්ථාව ද මේ පාලම ඉදිවීමත් සමඟ හිමිවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya