අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝහල්වල ඖෂධ හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය Featured

    සැප්තැම්බර් 13, 2017

    කොළඹ ජාතික රෝහල ඇතුලු සමස්ත රෝහල් පද්ධතිය තුළම දැඩි ඖෂධ හිඟයක් ඇති බවටත්, උතුරුමැද පළාතේ ග්‍රාමීය රෝහල් වැසීයාමේ අවධානමක් ඇති බවටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට ලබාදී ඇති ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම රෝහලේ ඖෂධ හිඟයක් නොමැති බවයි. රෝගීන්ට අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ලබාදෙන ඖෂධ අඛණ්ඩව ලබාදෙන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

     

    තවද උතුරු මැද පළාතේ වැලිකන්ද, කහටගස්දිගිලිය, ගලෙන් බිදුණුවැව, කැබිතිගොල්ලෑව වැනි රෝහල් වැසී යාමේ අවධානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති ප්‍රකාශය උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එම් පාලිත බණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කරයි. එම රෝහල් වැසී යාමේ අවධානමක් කිසිම විටෙක නොමැති බවත්, රෝගී සත්කාරක සේවා නිසි පරිදි සිදු කරන බවත්, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටියි.

     

    සමස්ත රෝහල් පද්ධතිය තුලම කිසිදු ඖෂධ හිඟයක් නොමැති අතර, ඖෂධ හිඟය මගහැරවීම සදහා මෘදුකාංගයක් හදුන්වා දී ඇත. ඒ අනුව කිසියම් රෝහලක ඖෂධ හිඟයක් පවතී නම් ලඟම පිහිටි රෝහලෙන් එම හිඟ ඖෂධ ලබාගැනීමට රෝහල් බලධාරීන්ට අවසර ලබා දී ඇත.  තවද වෛද්‍ය සැපයීම් අංශය රෝහල් වලට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබාදෙන අතර,  කිසිම ඖෂධ හිඟයක් වාර්තා නොවන බව ද  සදහන් කරයි.


    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි අසත්‍ය ප්‍රචාර වරින් වර මාධ්‍යට ලබාදීම තුලින් ජනතාව තුල වැරදි මත ඇතිවීමේ අවධානමක් ඇති වන බවත්, එවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya