අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COCOTECH සමුළුව හෙට 07 ඇරඹේ.

    ජූලි 06, 2014

    46වන වරට පවත්වනු ලබන මෙම සමුළුව හෙට (07) සිට 11වැනි දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


    මෙවර සමුළුවේ තේමාව " සුනම්‍ය හා තිරසාර පොල් කර්මාන්තයක් සඳහා වූ ප්‍රතිපත්ති, ක්‍රියාදාමයන් සහ තාක්ෂණය" වේ.පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ සත්කාරකත්වයෙන් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය හා ආසියානු හා ශාන්තිකර පොල් ප්‍රජාව එක්ව මෙය සංවිධානය කරනු ලබයි.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ සහභාගීත්වයෙන් ඇරඹෙන මෙම සමුළුවට ආසියානු හා ශාන්තිකර පොල් ප්‍රජාවේ විධායක අධ්‍යක්ෂ ඇතුළු රටවල් 27වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් විදේශ නියෝජිතයින් 156කට වැඩි ප්‍රමාණයක් සහභාගි වීම දැනටමත් තහවුරු කර ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.
     
    මෙය පොල් ක්ෂේත්‍රයේ නිෂ්පාදනකරුවන්, අපනයනකරුවන්, පර්යේෂකයන් සියලු දෙනා එක්වන ලොව විශාලත ම සමුළුව වේ. මෙම සමුළුවේදී  පොල් වගාවේ නව වගා, නැවත වගා, නව ප්‍රභේද නිපදවීම, සමෝධානික පළිබෝධ පාලනය, පොල් ආශ්‍රිත සමෝධානික ගොවිපොළ ක්‍රමය, පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම, ආසියානු හා ශාන්තිකර කලාපයේ හා ලෝක පොල් නිෂ්පාදනයට දේශගුණික/කාලගුණික විපර්යාසවල බලපෑම ඇතුළුව පොල් ක්ෂේත්‍රයේ නව තාක්ෂණයන් පිළිබඳව සංවාදයට ලක්වේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya