අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතටද වැසි පැතිර යා හැක.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
ගාල්ලට විටින් විට වැසි ද කොළඹ, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ද ඇති විය හැක.
යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.
අනුරාධපුර, මඩකළපුව හා ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.0°C මඩකළපුව හා ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5°C මොනරාගල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.0°C නුවරඑළියෙන් ද මි.මී. 25.0ක උපරිම වර්ෂාපතනය නුවරඑළිය හෙල්බොඩ උතුර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
HC