කෘෂිකාර්මික රටක් වුවද ගොවි ආර්ථිකය නගාසිටුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය කාලය තුළ ප්රමුඛත්වයක් හිමි නොවීම තුළින් රටේ ගොවි ජනතාවගේ ගැටළුවලට විසඳුම් හිමි නොවූ බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මැදවච්චිය “බර්ටි පේ‍්‍රමලාල් දිසානායක” නව ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරා දෙමිනි.
ග්‍රාමීය ගොවි ජනතාව සඳහා තිරසාර ආර්ථිකයක් උදාකරදීම අරමුණු කරගනිමින් උතුරු මැද පළාත් සභාව විසින් රුපියල් මිලියන 48 ක මුදලක් වැය කර මෙම ආර්ථික මධ්‍යස්ථානය ඉදිකර තිබෙන අතර, වෙළෙඳ කුටි 28 ක්, පරිපාලන ගොඩනැගිල්ලක් ඇතුළු සියලු පහසුකම්වලින් මෙය සමන්විතය. වැඩ ආරම්භ කර තිබුණ ද වසර 09 කට වැඩි කාලයක් මෙම ගොඩනැගිල්ල අතහැර දමා තිබූ අතර වත්මන් රජය යටතේ එහි කටයුතු කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පවරාදීමට පියවර ගැනිණි.
දුගී භාවය, අඩු ආදායම් තත්ත්වය, දෛනික ජීවිතයේ අවශ්‍යතා සපුරාගත නොහැකිවීම යන කරුණු මත මේ රටේ ගොවි ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව පැවසූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ජීවන තත්ත්වය ගොඩනැගීමට මෙන්ම කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් රැසක් ලබාදීමට වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ව්‍යාපෘති රැසක් ආරම්භ කළ බව සඳහන් කළේය.
නවීන තාක්ෂණය සමග නව පරපුරට කෘෂිකාර්මික ක්ෂේත්රයේ ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම සකසා දීමට රජය කටයුතු කරමින් සිටින අතර, රටේ සහ සමාජයේ දියුණුවට අවශ්‍ය වන්නේ ස්වශක්තියෙන් ගොඩනැගෙන ජීවන රටාවක් සහ ආර්ථිකයක් මත සකස් කර ගන්නා සැළසුම් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
රජ රට ගොවි ජනතාවගේ ජල ගැටලුව නිමා කිරීම සඳහා බාධක රැසක් මැද මොරගහකන්ද ව්‍යාපෘතිය සාර්ථකව කි‍්‍රයාවට නැංවූ බව පැවසූ ජනාධිපතිතුමා එම ව්‍යාපෘතිය සමග අනුරාධපුර, පොළොන්නරුව සහ වයඹ වැව් 600 ක් ප්‍රතිසංස්කරණය කෙරෙන බවත් ඒ් තුළින් එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජල ගැටලුවට විසඳුම් ලැබෙන බවත් කියා සිටියේය.
අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර මැදවච්චිය ඉසිපතන මහා විද්‍යාලය නිල වශයෙන් සිසු අයිතියට පවරාදීමේ උත්සවය ද අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දැනුම කේන්ද්‍රකරගත් සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව උතුරු මැද පළාත් සභාවේ අරමුදල් මත රුපියල් දශ ලක්ෂ 160 ක මුදලක් වැයකරමින් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය තුළ මෙම විද්‍යාලය ඉදිකර තිබේ. එහි අධ්‍යාපන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන අතර නව තාක්ෂණ විද්‍යාගාරය, පරිපාලන ඒකකය සහ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල විවෘත කරමින් පාසල නිල වශයෙන් සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් විදුහල් භූමියේ නා පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශාධිපති ආචාර්ය පූජ්‍ය කඩවත්ගම පියරතන හිමි සහ අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද විදුහල්පති නිමල් ගුණසේකර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.