නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාගයට පෙර ඩෙංගු මර්දනය වැඩසටහනක්

    අගෝස්තු 03, 2017

    මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් විභාගයට පෙනී සිටින දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඩෙංගු මර්දන ධූමායනය සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    ඒ අනුව අ.පො.ස. උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගය ආරම්භයට පෙර හා විභාග නොපැවැත්වෙන දිනයන්හි ඩෙංගු මර්දන ධූමායනය සිදු කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් මේ වන විට දැනුම්වත් කර තිබේ.

    මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් දෙමාපියන්ගේ ද සහාය ඇතිව මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු වේ.

    එසේම විභාගය පැවැත්වෙන වේලාවන් තුළ දී සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කරගැනීම සඳහා මදුරු විකර්ෂණ අලේපන භාවිතා කිරීමට අවධානය යොමු කරන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දෙමාපියන් වෙත දන්වා සිටි.

    මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන 08 වැනි දින සිට සැප්තැම්බර් 02 වැනි දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230කදී පැවැත්වීමට කටයුතු සූදානම් බව ඒ මහතා සඳහන් කරයි.  

    එසේම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වැනි දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014කදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම මධ්‍යස්ථානයන්හි විභාග අපේක්ෂකයින් 672,000ක් පමණ විභාගයට පෙනී සිටීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya