නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ගැටලුවලට කඩිනම් විසදුම්

    ජූලි 31, 2017

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ඉඩම්වල දීර්ඝ කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ජිවත්වන ඉඩමට හිමිකමක් ප්‍රකාශ කිරීමට නොහැකිව සිටි ජනතාවට හිමිකම් ඔප්පු ලබාදීම වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම අදියරය ඇල්පිටිය, වැලිවිට දිවිතුර සහ කරන්දෙණිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ස්ථාන කිහිපයකදීම අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධන්ත්වයෙන් පසුගියදා පැවැත්විණ.

    එහිදී තමන්ට දීර්ඝ කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට පැවති මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණි සිටි ජනතාව මෙම වැඩසටහනට සිය කැමැත්ත ප්‍රකාශ කළහ.

    මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන එළෙඹෙන ලබන 6 වනදා රත්නපුර දිස්ත්‍රික්කයේත් ඉදිරියේදී දීපව්‍යාප්තව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පවත්වා ජනතාවගේ මෙම නොවිසිදුණු ඉඩම් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya