නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජනපති නියමයෙන් වියළි ආහාර සලාකයක්

    ජූලි 30, 2017

    දිස්ති‍්‍රක්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම වියළි ආහාර සලාකය එම ජනතාවට කඩිනමින් ලබාදීමට මේ වන විට අදාළ අංශවලට උපදෙස් දී ඇත.

    තවද වියළි කාලගුණය පවතින ප‍්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීමටත්, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් ලබාදීමටත් ජනාධිපතිතුමා අදාළ බලධාරින් වෙත උපදෙස් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya