නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු සොයා බැලීමට ජනපති හදිසියේම කැබිතිගොල්ලෑවට

    ජූලි 30, 2017
    වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ ගැටලු පිළිබද සොයා බැලීමට ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) හදිසියේම කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
     
    ජනාධිපතිතුමා පළමුව සංචාරය කරනු ලැබුවේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කහටගොල්ලෑව ප්‍රදේශයේය.
     
    කිසිදු පෙර සූදානමකින් තොරව හදිසියේම පැමිණි ජනාධිපතිතුමාව එම ජනතාවට විසින් මහත් සතුටින් යුතුව පිළිගනු ලැබීය.
     
    පවතින වියළි කාලගුණයත් සමග තමන්ට මුහුණදීමට සිදුව තිඛෙන ගැටලු පිළිබදව එහිදී ඔවුන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඔවුන්ගේ ප්‍රමුඛම ඉල්ලීම වූයේ තම පානීය ජල අවශ්‍යතා සහ සෙසු ජල අවශ්‍යතා සපුරාදෙන ලෙසයි.
     
    දැඩි නියඟය හේතුවෙන් ජලය සිදී ඇති කහටගොල්ලෑව කුඩාපුලියන්කුලම වැව ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. 
     
    ජනතාව අතර සිටිමින් ඔවුන්ගේ ගැටලුවලට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා ඒවා කඩිනමින් ඉටුකරදෙන බවට පොරොන්දු වූ අතර, ප්‍රදේශවාසියෙකු විසින් පිළිගැන්වූ ඛෙලි මල් කෝප්පයක රස විදීමට ද අමතක නොකළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya