අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ, ආර්ථික ප‍්‍රතිලාභ රැසක් අත්කර දෙමින් තෙදින බංග්ලාදේශ රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

    ජූලි 16, 2017

    බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයක් අනුව බංග්ලාදේසයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිම කර ඊයේ (15) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේ ය.

    1972 වසරේ ඇරඹි ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ශක්තිමත් පදනමක් සපයමින් ශී‍්‍ර ලංකාවට සමාජ ආර්ථික ප්‍රතිලාභ  රැසක් ගෙන දෙන නව අවබෝධතා ගිවිසුම් රැසකට අත්සන් තැබීම ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරය තුළින් සිදු විය.

    දෙරට අතර වෙළෙඬ ගිවිසුමක් මෙන්ම විශේෂ ආර්ථික කලාපයක් කඩිනම්න් ඇති කර ගැනීම පිළිබඳව ද ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ රාජ්‍ය නායකයින් එකඟ වූහ.

    දෙරට අතර කෘෂි කර්ම සහ ධීවර ක්ෂේත‍්‍රයේ අත්දැකීම් හුවමාරු කර ගැනීම, තොරතුරු තාක්ෂණ සහයෝගීතාවය මෙන්ම ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශයේ තාක්ෂණික සහය ලබාදීම, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී මෙන්ම නීති විරෝධි සංක‍්‍රමිකයින්ගේ ගැටළුවේදී එක්ව කටයුතු කිරීම ඇතුළු  එකඟතාවයන් රැසකට එළැඹීමට ද ජනාධිපතිතුමා සහ බංග්ලාදේශ අගමැතිණිය අතර පැවති සාකච්ඡාවලදී ප‍්‍රමුඛතාවය ලැබිණි.

    මේ අතර බංග්ලාදේශ කථානායකවරිය, විපක්ෂ නායකවරිය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා ද ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පැවැත් වූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුණු ඉටු කර ගැනීම සඳහා වන ශී‍්‍ර ලංකා නව රජයේ නිවැරදි ගමන් මග බංග්ලාදේශ කතානායකවරියගේ දැඩි පැසසුමට ලක් විය.

    එමෙන්ම ශී‍්‍ර ලංකාවේ සහ බංග්ලාදේශයේ ආයෝජකයින්ගේ මෙන්ම ව්‍යාපාරිකය යින්ගේ සහභාගිත්වයෙන් පැවති ශී‍්‍ර ලංකාවේ නව ආයෝජන සහ වෙළෙඳ අවස්ථා විමසා බැලෙන ආයෝජන සමුළුවකට ද ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිතුමා එක් විය.

    ජනාධිපති ගරු මෛත ී‍්‍රපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශයේ කළ පළමු රාජ්‍ය සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක්  ලබාදීමට එරට රජය කටයුතු කර තිබුණි. සිය රාජ්‍ය සංචාරය නිමවා දිවයිනට පැමිණෙන ජනාධිපතිතුමා වෙත ගෞරවනීය සමුදීමක් ලබාදීම සඳහා එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු රජයේ විශේෂ දූත පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya