අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2020 සිය ඉළක්කය පිළිබඳ ව සෞඛ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්

    මැයි 23, 2017

    වසර 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 04 ක් සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කර ගැනීම තම ඉළක්කය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පසුගියදා පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්ට්‍රිසියා ස්කොට්ලන්ඩ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වුනේ ඊයේ (22) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන වාර්ෂික සමුළුවට සමගාමීවය. පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට රටවල් 40 ක සෞඛ්‍ය අමාත්‍යවරු සහභාගි වී සිටියහ. "සියලු දෙනාටම සෞඛ්‍ය සුවය” යන තේමාව යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන සෞඛ්‍ය වැඩසටහන් මෙහිදී සාකච්ඡා කෙරිණි. ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ ෆැසිපික් ලෙස රටවල් කලාපවලට බෙදා සමුළුව පැවැත් වූ අතර, ආසියානු කළාපයේ නායකත්වය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් හොබවන ලදි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ශ්‍රී ලංකාව දුපත් රාජ්‍යයක් වුවද එහි ආයු අපේක්ෂාව අවුුරුදු 75 ඉක්මවා තිබෙනවා. සාක්ෂරතාවය සියයට 93.3 ක් වන අතර, තරුණයින්ගේ සාක්ෂරතාවය සියයට 98 ක් වනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව කරුණු කිහිපයක් යටතේ දියුණු වී තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ක්‍රීයාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා සෞඛ්‍ය ආයතන වලට රජය විසින් මුල්‍යාධාර පහසුකම් අඛණ්ඩව ලබාදෙනවා. සෞඛ්‍ය සේවාව සදහා පසුගිය රජය සමයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කර තිබුනේ සියයට 1.6 ක් පමණයි. වත්මන් රජයෙන් සියයට 3 ක් දක්වා එය වැඩි කර තිබෙනවා. මගේ ඉළක්කය වසර 2020 වන විට එය සියයට 4 දක්වා වර්ධනය කර ගැනීමයි. එය අභියෝගයක්. නමුත් ප්‍රාථමික මෙන්ම අනෙකුත් සෞඛ්‍ය සේවාවන් නංවාලීම සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරු මෙන්ම පරිපාලකයින් ද ශ්‍රී ලංකාව සතු වනවා.”

    "ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලිම සඳහා බිම් මට්ටමෙි වැඩසටහන් ද ක්‍රියාත්මකයි. මාතෘ හා ළමා, බෝනොවන රෝග පාලනය, ආහාර සුරක්ෂිතතාවය ඒ අතර ප්‍රධාන වෙනවා. බෝවන රෝග මෙි වනවිට පාලනය කර අවසන් වෙමින් පවතිනවා. මානව සම්පත් සංවර්ධනය ප්‍රමුඛ කරුණක් වන අතර, එක්ලක්ෂ 36,000 ක සෞඛ්‍ය සේවකයින් රාජකාරියේ නිරත වෙනවා. ඔවුන්ගෙන් 17,000 ක් වෛද්‍ය වෘත්තීකයන්. 32,000 ක් හෙද හෙදියන්. සෑම සෞඛ්‍ය ආයතනයකටම වෛද්‍ය සැපයුම් නිසි පරිදි බෙදා හරින අතර, සෞඛ්‍ය සේවාවෙි මුල්‍ය කළමනාකරණය ද ඉහළ මට්ටමක පවතිනවා. සෞඛ්‍ය සේවාවේ තොරතුරු සහ රෝගීන්ගේ තොරතුරු රැස් කිරිම සඳහා ඊ-හෙල්ත් ව්‍යාපෘතිය ද ක්‍රියාත්මකයි. ලෝක බැංකුව සහ ජයිකා ආයතනය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය සෞඛ්‍ය සේවාව නංවාලීමට ලබාදීම ද ඉතා වැදගත්. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. ජනතාවගේ රෝග පරීක්ෂා කිරීම සදහා සුවනාරි මධ්‍යස්ථාන හා සුවදිවි සායන මධ්‍යස්ථාන නොමිලේ ක්‍රියාත්මක වෙනවා.”

    මෙම සමුළුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා උතුරු කොරියාවේ සහ භූතානයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ සෞඛ්‍ය සේවාව නංවාලීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya