මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුහල්පති සේවයේ උසස් කිරීමේ සුදුසුකම් පරීක්ෂාව ලබන 2 දා සිට

    මැයි 24, 2017

    2009 හා 2010 වර්ෂයන්හි දී විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවාගත් නිලධාරීන් II ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන ලේඛන පරීක්ෂාව 2017 ජූනි මස 2, 5, 6 සහ 12 යන දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

    ඒ සඳහා අයදුම්පත් යොමු කර ඇති සංඛ්‍යාව 1056 කි.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් I ශ්‍රේණියට උසස් කිරීම සදහා වන මූලික සුදුසුකම් පරික්ෂා කිරීම ද  ලබන ජූනි මස 6,13,15,16,20 සහ 22 යන දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ. මේ සඳහා අයදුම්කරුවන් 1912 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතයි. මේ වන විටත් ඔවුන්ට අදාළ කැඳවීම් ලිපි යොමු කිරීමට අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

    එමෙන් ම වසර ගණනාවක් තිස්සේ සංශෝධනය නොවූ විදුහල්පතිවරුන්ගේ දීමනා ඇතුළු අධ්‍යාපන නිලධාරීන් සඳහා සහන රැසක් සැපයීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මේ වන විට කටයුතු යොදා ඇත.

    වෘත්තීය සමිතිවල පෞද්ගලික හා දේශපාලන ඉල්ලීම් ඉටුකරනු වෙනුවට රටේ සමස්ත ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේත්, ලක්ෂ හතළිස් පහකට ආසන්න පාසල් දරුවන්ගේත් අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් තමා නිරන්තරයෙන් පෙනී සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya