මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය වැඩවර්ජනයෙන් වූ බලපෑම අවමයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

    මැයි 23, 2017
    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය  ඊෙය් දින (22) දියත් කරන ලද වැඩවර්ජනයෙන් දිවයින පුරා රෝහල්වල බාහිර රෝගී අංශයට සුළු බලපෑම් එල්ල වුවද, අනෙකුත් රෝගී සත්කාරක සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම වෛද්‍යවරුන් ද මහ රෝහල්, ශික්ෂණ රෝහල් සහ අනෙකුත් රෝහල්වල රාජකාරී කටයුතුවල නිරත වෙමින් රෝගී සත්කාරක සේවාවන් සිදු කරන ලදි. වෙනත් කිසිදු සෞඛ්‍ය සේවකයෙකු මෙම වර්ජනයට දායක වී නොමැත. ඇතැම් මහ රෝහල් සහ ශික්ෂණ රෝහල්වල වෛද්‍යවරුන් සියළු දෙනාම රෝගී සත්කාරක සේවා වල නිරත වී ඇත. හදිසි ප්‍රතිකාර සේවා ද සිදු කර තිබෙි. 
     
    මෙම අසාර්ථක වැඩවර්ජනයට විරෝධය පළ කරමින් ජනතාවගේ රෝගී සත්කාරක සේවා සහ අනෙකුත් සේවා පහසුකම් සැපයීමට දායක වූ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයින්ගේ සේවය අගය කරන බවද  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya